අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද රාත්‍රී 7 සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ආසන වෙන් කිරීමේ දී මේ දක්වා සියයට 40ක ප්‍රතිශතයක් පමණක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content