අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ කාල සීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉදිපොළගේ මහතා කියා සිටියේ අද පෙරවරු 10 සිට මෙය ක්‍රියාත්මක වන බවයි.

මේ අනුව ආසන වෙන් කිරීමේ පද්ධතිය මගින් දින 30කට පෙර ආසන වෙන් කිරීම සිදුවන අතර එය පෙරවරු 10 සිට ආරම්භ වනවා.

මීට පෙර එම පද්ධතිය විවෘත කෙරුණේ පස්වරු 07ටයි.

WhatsApp Group

Skip to content