දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කල බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මේ අතර ඊයේ පැවතී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල බවයි.

ඒ අනුව අද දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර දුම්රිය රියදුරන් ආරම්භ කර තිබු වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කල බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කලා .

කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ .

 

WhatsApp Group

Skip to content