රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක පමණ අයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් මෘත ශරීරය කෑගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content