ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසනවා.

දුම්රියේ ගැටි මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි  17 හැවිරිදි තරුණියක්.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගය දිගේ ජංගම දුරකථනයෙන් කතා කරමින් නිවස කරා පැමිණෙන අතරතුර හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අඩි 60 පාලම අසලදි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 සිඝ්‍රගාමි දුම්රියේ ගැටි තරුණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තරුණියගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් දුම්රියේ දමාගෙන යලිත් දුම්රිය කොටගල දුම්රිය ස්ථානය වෙත ධාවනය කර දුම්රිය ස්ථානය වෙත සිරුර භාර දි තිබුණා.

මියගිය තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වනවා.

WhatsApp Group

Skip to content