පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර ප්‍රදේශය අතර වැඩකටයුතු මෙතෙක් අවසන් වී නැහැ.
එබැවින් දුම්රිය සේවා වෙනුවට විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර තිබෙනවා.
එම මාර්ගය ඔස්සේ මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ..

කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් හට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක වෙනවා.

WhatsApp Group

Skip to content