කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියකින් බුළුගහගොඩදී තවත් මගියෙකු ඇද වැටි ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහු වයස අවුරුදු 20ත් 25ත් අතර වයසැති තරුණයෙකු වන අතර අනතුරින් ඔහුගේ අතකට හා කොඳු ඇටපෙළට හානි වී තිබුණු බවයි .

මේ අතර දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ඊයේ ජීවිතක්ෂයට පත් වුනා .

ක්‍රියාත්මක කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය අඩාල වී තිබුණු අතර ඉන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා .

WhatsApp Group

Skip to content