අනුරාධපුරයේ සිට කොලොන්නාව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.

මහව මඩපොකුණ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මියගොස් ඇත්තේ, මහව මඩපොකුණ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම මරණය සිය දිවි නසාගැනීමක් ද නැතහොත් අනතුරක් ද යන්න පිළිබඳ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content