කොළඹ සිට බදුල්ල දක්වා සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අද සිට ධාවනයට එක් කර තිබෙනවා.

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගය ඉදිකර සියවසක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ දුම්රිය ධාවය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, නව දුම්රිය දුන්හිඳ ඔඩිසි ලෙස නම් කර ඇති බවයි.

මේ අතර, ඇල්ල දෙමෝදර හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර තවත් සංචාරක දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content