දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව ඊයේ දින සිට විශේෂ දුම්රිය ගමන් සේවා දුම්රිය දෙපාර්තමේන්තුව විිසින් ආරම්භ කරනු ලැබුවා .

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ බදුල්ල, මහනුවර සහ කන්කසන්තුරේ බලා එම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අද සහ ලබන 25,27 සහ 29 යන දිනවලත් කොළඹ කොටුවේ සිට දුම්රිය කිහිපයක් බදුල්ල බලා ධාවනයේ යෙදවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

https://www.vnews.lk/storage/2023/12/IDIPOLAGE-EDIT-1.mp3?_=1

මේ අතර දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව මගී අවශ්‍යතාව මත ධාවනයේ යෙදවීමට අතිරේක බස් රථ 100ක් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/12/PANDUKA-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content