හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටි අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර දික්ඔය ඇළෙහි තිබි අද (12) දහවල් සොයාගත් බව හැටන් පොලිසිය පවසනවා.

මෙලෙස දික්ඔය ඇළට වැටී ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ඔස්බොන් වත්ත ඉහළ කොටසේ පදිංචි චන්ද්‍රසේකරන් සුරේෂ් නැමති 28 හැවිරිදි එක්දරු පියෙකි.

ජිවිතක්ෂයට පත් එක්දරු පියා ඊයේ (11) දින පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බිමත්ව සිය නිවස කරා බස් රථයකින් ගමන් කර, බස් රථයෙන් බැස එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැග සිටියදි ජල ටැංකියට බැවුමේ පිහිටි දික්ඔය ඇළට ඇද වැටි අතුරුදහන්ව සිටියා.

අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර සොයා අද (12) දින උදැසන සිට හැටන් පොලිසියේ නිලධාරීන් සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබු අතර, පසුව එක්දරු පියා දික්ඔය ඇළට වැටි ඇති ස්ථානය අසල ඇළෙහි තිබි සිරුර සොයාගෙන තිබෙනවා.

ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ බිරිද විදේශ ගතව ඇති බවත්, අද (12) දිනට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් ඔහු ඊයේ (11) දින සිටම අධික ලෙස මත්පැන් පානය කරමින් සිටි බවයි එම වතුයායේ වතුකම්කරුවන් කියා සිටියේ.

ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කල බව හැටන් පොලිසිය කියා සිටියා.

WhatsApp Group

Skip to content