දීඝවාපී සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම හා ඊට සමගාමීව සිදුකෙරෙන අභිනව ධාතු මන්දිරය, සුවිසල් කාමර 20කින් හා විශාල ප්රමාණයේ ශාලා 4කින් සමන්විත ‘අති පූජ්ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කොට සම්බුදු සසුනට පුජා කිරීමේ අතිශය දුර්ලභ වූ පුණ්ය මහෝත්සවය වර්ෂ 2024 ක් ජූලි මස 14 වන දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇත.
මේ පිළිබඳව මාධ්ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (11) කොළඹ ශ්රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්විණි.
සම්මා සම්බුදු පා පහස ලද පරම පුජනිය සොළොස්මස්ථාන අතුරින් ප්රමුඛ සිද්ධස්ථානයක් වන දීඝවාපි මහා සෑ රඳුන් පෙර තිබු ශ්රී විභූතියෙන් විරාජමානව නැගී සිටිනු දැක ගනු වස් “දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ, ත්රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මෙන්ම සැදැහැති ලක්වාසී ජනිජනයාගේ ශ්රම දායකත්වයෙන් හා මුල්ය ආධාර මත එහි ප්රතිසංස්කරණ කටයුතු මේ වන විට ද සිදුවෙමින් පවතී.

WhatsApp Group

Skip to content