අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

දීඝවාපි ස්ථුපය සහ නීලගිරි මහා සෑය පුදබිම් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය, එම ඉදිකිරීම් කඩිනම් මෙන්ම ඵලදායි අයුරින් සිදුකිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන් වෙත තාක්‍ෂණික උපදෙස් ලබාදීම, දැනට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඉදිරි වැඩ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුකෙරිණි.

WhatsApp Group

Skip to content