ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය.

ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, පසුගියදා (28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්‍රාමාත්‍යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ චීන ආශ්චර්යවත් සාර්ථකත්වයේ කතාව” පැසසුමට ලක් කළේය. දිළිඳුකමේ ගැටලුවට මුහුණ දෙන අනෙකුත් රටවල් සඳහා එම සංකල්පය තව දුරටත් මාර්ගයක් වන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

කෘෂිකාර්මික වර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නව මුල්පිරීම් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එමඟින් දිළිඳුකම තුරන් කිරීම පමණක් නො ව සමාජ සහජීවනය සහ සාමය ද සහතික කරන බැවිනි. පුනර්ජනනීය බලශක්ති සම්පත් ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

කොළඹ වරාය, හම්බන්තොට වරාය මෙන් ම කොළඹ වරාය නගරය පුළුල් කිරීම පිළිබඳ ව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවේ පමණක් නොව කලාපයේ රටවල ද වේගවත් ප්‍රගතියක් සහතික කරන ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානයක් විය හැකි බව පෙන්වා දුන්නේය.

WhatsApp Group

Skip to content