දිස්ත්‍රික් 5 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑම් අවධානම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කඵතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නාය යෑම් අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි එම සංවිධානය සදහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ නෙඵව යන ප්‍රදේශවලටත්, කඵතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත සහ වළල්ලාවිට යන ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ.

කෑගල්ල දිස්ත්‍රිකයේ දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රදේශවලටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයේ නාය යෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, ඇහැලියගොඩ සහ අයගම යන ප්‍රදේශවලටත් ඇලපාත සහ කලවාන යන ප්‍රදේශවලත් ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.

 

WhatsApp Group

Skip to content