බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පැවති වැසි තත්ත්වය හෙටින් පසු අඩුවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකියි .

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 03කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා .

මහනුවර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ .

ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසයි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා දැනුම් දෙන්නේ
ඪධෂක්‍ෑ ක්‍ඹඔ – වසන්ත 02

WhatsApp Group

Skip to content