අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 9 ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේදී සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදු කළ යුතු බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/MALITH-FANANDO-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content