දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය කර ඇති බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/09/ATHULA-KARUNANAYAKE-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content