නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
වතු ආශ්‍රිත පාසල් වල උසස් පෙළ පන්ති සඳහා සුහුරු පන්ති කාමර 60ක් ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම ට පසුගිය වසරේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුනා.
කෙසේවෙතත් එම ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගෙන, එම සීමාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content