පවතින අධික වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය අද සවස 4 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ හසළි හේමසිංහ මහත්මිය පවසන්නේ .

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවර එළිය සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සඳහා මෙම නිවේදනය බලාත්මකයි.
තවද රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, ඇළපාත, කුරුවිට, කිරි ඇල්ල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසයි නිවේදනය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content