උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද යක පළාත්වලත් මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද පස්වරු 02 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා.

https://www.vnews.lk/storage/2023/12/MERIL-MENDIS-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content