දිස්ත්‍රික්ක අටකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල , හම්බන්තොට , කළුතර ,මහනුවර, කෑගල්ල , මාතලේ, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික් සදහායි මෙලෙස අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

මේ අතර පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගංගා කිහිපයක ජල මට්ටම් ද ඉහළ යමින් පවතිනවා.අත්තනගලු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන ඉදිරි පැය 24 සදහා ද දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව අත්තනගලු ඔය දෙපස පදිංචිකරුවන් විමසිලිමත්වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

WhatsApp Group

Skip to content