විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විරෝධතා පාගමන අතරමඟ නවතා දැමීමට පොලීසිය අද පියවර ගත්තා.

අනතුරුව එය සංවිධානය කළ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුලු 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගත්තේ.

ඒ අතර “සසුන රැකුමට” ගෝලීය සංසදයේ කැදවුම්කරු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ද අත්අඩංගුවේ පසු වනවා.

මෙම පිරිස අද පෙරවරුවේ දිවුලපිටිය නගරයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළ අතර, පොලීසිය දිවුලපිටිය – හොරගස්මුල්ල ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා පාගමන ඉදිරියට යාම වළක්වනු ලැබුවා.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව ද කැඳවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර සංවාදාත්මක තත්ත්වයක් හටගත්තා.

WhatsApp Group

Skip to content