ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත  කර ගැනීමෙන් සිය දිවි හානි කර ගත් බවට සැක කරන වෛද්‍යවරයකුගේ මළ සිරුරක් තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවසක් තුළ තිබී අද (13) පෙරවරුවේ තඹුත්තේගම පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ සේවයේ නියතු කෝට්ටුපිටියගේ අමිල සඳකැලුම් දිසානායක නම් වයස අවුරුදු 35 ක් වන එක් දරු පියෙකි.

මෙම වෛද්‍යවරයා මෙම නිළ නිවස තුළ තනිව ජීවත් වූ බවත්,  නිළ නිවසේ නිදන කාමරයේ ඇඳ මත මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී  අද (13) සොයා ගෙන තිබුුණ අතර ඔහු නාරම්මල, ප්‍රයිම් ලෑන්ඩ් හි අංක 52 නිවසේ ස්ථීර පදිංචිව සිට ඇති බවද පොලීසිය පවසයි.අදාළ නිළ නිවස රෝහලට යාබදව පිහිටා ඇත.

මෙම වෛද්‍යවරයා ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගැනීමෙන් පසුගිය සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

මළ සිරුරේ ඇස්, අත් හා පා ඇඟිලි තුඩු ඉතා කළු පැහැ ගැන්වී තිබූ අතර, වෛද්‍යවරයාගේ මළ සිරුර අසල ක්‍රියාවිරහිත කර තිබූ ඔහුගේ ජංගම දුරකථනය හා පෑනක්ද තිබිණි.ඔහුගේ මේසය මත ඖෂධ වර්ග කීපයක්ද තිබූ අතර, පොලීසිය ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරනු ලැබුුුවා.

අදාළ වෛද්‍යවරයා පසුගිය සෙනසුරාද දින පෙරවරුවේ රෝහලේ රාජකාරී සිදු කර සවස තමාගේ පෞද්ගලික වෛද්‍ය සායන මධ්‍යස්ථානයේද ප්‍රථිකාර කටයුතු සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව වෛද්‍යවරයා ඊයේ (12) හා අද (13) දෙදින සේවයට නොපැමිණීම හේතුවෙන් රෝහල් සේවකයකු  වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ  පිහිටි නිදන කාමරයේ මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබුණා.

මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරැවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටින බවට පොලීසිය පවසයි.මිය ගිය වෛද්‍යවරයා හා බිරිඳ අතර යම් පවුල් ආරවුලක්ද පවතින බවට තොරතුරුද ලැබී ඇතැයි පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා ඖෂධයක් එන්නත් කර ගත් බවට හෝඩුවාවක් ශරීරයේ පැල්ලමක් හෝ එන්නත් විදිනයක් එම ස්ථානයේ දක්නට නොලැබුන අතර, යම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කරන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබයි.අදාළ වෛද්‍යවරයා මිය ගොස් දින කීපයක් ගත වූවද එම මළ සිරුර නරක් වූ බවක් දක්නට නැත්තේ ශරීරය තුළ ඖෂධ අධිමාත්‍රාවක් පැවතීම හේතුවෙන් බවට පොලීසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂාව සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා පැමිණි අතර, දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට  පොලීසියට නියෝග කරනු ලැබුුුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

WhatsApp Group

Skip to content