වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා . එම අධිකාරිය පැවසුවේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා.

එම නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 275  ක් වනවා .

පැකට් නොකළ දුඹුරු සිනි කිලෝග්‍රැමයක් රුපියල් 330 කට අළෙවි කළ යුතුයි .

පැකට් කල සුදු සිනි කිලෝග්‍රැමයක  උපරිම සිල්ලර මිල රුපියල් 295  ක්  .

පැකට් කල දුඹුරු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 350 ක්  වනවා.

මේ අතර ,ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පැවති සත 25 ක බද්ද මේ මස පළමුවැනිදා සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගනු ලැබුවා .

WhatsApp Group

Skip to content