රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට දිවයින පුරා රෝහල්
සදහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සදහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් හැර වෘත්තිය සමිති 72 ක් පැය 24 ක කාලයක් සදහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කරනු ලැබුවා.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සෞඛ්‍ය සේවා වෘත්තිය සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා.

https://www.vnews.lk/storage/2024/01/RAVI-KUMUDEESH-EDIT.mp3?_=1

කෙසේ වෙතත් අද පෙරවරුවේදී වර්ජනයේ නිරතවන වෘත්තිය සමිති සදහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බවයි වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/01/RAMESH-PATHIRANA-EDIT-.mp3?_=2

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැට`ඵ පිළිබදව සාකච්ඡා කර විසදුම් සෙවීම සදහා තමන් අද පෙරවරුවේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවීමට නියමිත බවටයි මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ.

පවතින වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසකට පැමිණි ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් වූ බවටයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

මේ ඒ පිළිබදව ජනතාව දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2024/01/JANTHAWA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content