දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි.

බස්නාහිර, දකුණු සහ නැගෙනහිර යන පළාත්වලත් මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපර්තම්නේතුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/10/ATHULA-KARUNANAYKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content