දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content