දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද ගිගුරුම් සහිති වැසි අතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව , දකුණ, ඌව , මධ්‍යම , වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි අපේකෂා කෙරෙනු ඇති.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී අකුණු මගින් සිදුවිය හැකි අනතුරු පිළිබද අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

WhatsApp Group

Skip to content