තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදා හැරීමට බාධා එල්ල වී ඇතැයි වාර්තවන්වා.

තැපැල්පති පී. සත්කුමාර් මහතා සඳහන් කලේ මේ හේතුවෙන් දිනක ප්‍රමාදවීම් යටතේ ඇතැම් පළාත්වල ලිපි බෙදීම සිදුවන බවයි.

තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු සිය දෙපාර්තමේන්තුව සතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් තැපැල්පතිවරයා සඳහන් කළේ කලාප වශයෙන් කොටස්කර ලිපිබෙදීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි.

බොහෝ නිලධාරීන් විශ්‍රාම යාම සහ නව බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් තැපැල් සේවයේ ඇතැම් සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවයි තැපැල්පති පී. සත්කුමාර් මහතා වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content