දිවයිනේ ප්‍රදේශ රැසක අද තද වැසි ඇතිවිය හැකිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු – උතුරු මැද , නැගෙනහිර සහ ඌව පලාත්වල මිලිටීමටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරුවේ තැනින් තැන තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content