දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඒ මහතා අවධාරණය කළා.

විශේෂයෙන්ම අදාළ ප්‍රදේශවල ජීවත් වන පෙනහ`ඵ ආශ්‍රිත ආබාධ පවතින සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම් කිසි ආකාරයකට ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවටයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මඟින් එවැනි පුද්ගලයින්ට ආරක්ෂා විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

WhatsApp Group

Skip to content