දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය සඳහන් කළේ ගාල්ල, නෙළුව, අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම කම්පන තත්වය දැනී ඇති බවයි.

අද පස්වරු 1ට පමණ ඉන්දියන් සාගරයේ සිදු වූ රික්ටර් මාපංක 5.4 ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයක් හේතුවෙන් මෙම තත්වය හටගෙන තිබෙනවා.

එමෙන්ම කළුතර පානදුර මෙන්ම කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ද මෙම කම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වෙරළේ සිට කිලෝමීටර් 1260ක පමණ දුරකින් කම්පනය සිදුවී ඇති අතර එය හටගෙන ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරකින්.

මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content