දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , මධ්‍යම , සබරගමුව , දකුණ , වයඹ සහ ඌව පළාත් වල මිලිමීටර් 50ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට සවස් කාලයේදි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content