සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේදී බස්නාහිර සහ සබරගමුව යන පළාත් වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ.
මේ අතර අයහපත් කාලගුණයත් සමග ඇතිවන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවත් පවත්වා තිබෙනවා.
ඒ අනුව සියලු දිස්ත්‍රික් කමිටු යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බවයි ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content