දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම වයඹ, ඌව, නැගෙනහිර යන පළාත්වල සහ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

https://www.vnews.lk/storage/2023/09/MERIL-MENDIS-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content