ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපලේ වහළයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර රථ වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගුවන් තොටුපළේ පිහිටි රථ ගාලේ වහළය අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස කඩාවැටීමට ලක්ව තිබුණා.

ඉන්දීය රුපියල් බිලියනයක වියදමින් පසුගිය මාර්තු මාසයේදී මෙම ගුවන් පර්යන්තය ප්‍රතිසංස්කරණය කර විවෘත කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content