ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හා සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් සඳහා නව නායකයින් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔස්ටේ්‍රලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති බව සඳහන්.

එමෙන්ම , දකුණු අප්‍රිකානු පිතිකරු ඒඩ්න් මාක්‍රම් සන් රයිසස් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා.

28 හැවිරිදි මාක්‍රම් පසුගියදා සන් රයිසස් ඊස්ටර්න් කේප් පිළ සමාරම්භක දකුණු අප්‍රිකා විස්සයි විස්ස ශූරතාව දක්වා ගෙන ගිය අතර, එහිදී ඔහු තරගාවලියේ තුන්වැනි ප්‍රමුඛතම ලකුණු ලාභියා ද වුණා.

WhatsApp Group

Skip to content