ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 64 වැනි තරඟයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 208ක් රැස් කළා.
එහිදී අභිෂේක් පෝරල් පන්දු 33දී ලකුණු 58ක් සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් පන්දු 25දී නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නවීන් උල් හක් ලකුණු 51ට කඩුලු 2ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.
එහිදී නිකලස් පූරන් පන්දු 27දී ලකුණු 61ක් සහ අර්ෂඩ් ඛාන් පන්දු 33දී නොදැවී ලකුණු 58ක් රැස් කළා.
පන්දු යැවීමේදී ඉෂාන්ත් ෂර්මා ලකුණු 34ට කඩුලු 3ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content