මදුරන්කුලිය ප්‍රදේශයේදී ඇළකට ඇද වැටීමෙන් කුඩා දැරියක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වයසැති දැරියක් බවයි වාර්තාවන්නේ.

දැරිය ජිවත් වූ නිවසට අඩි 20ක් පමණ දුරින් මෙම ඇළ මාර්ය පිහිටා ඇති අතර වර්ෂාව හේතුවෙන් එය ජලයෙන් පිරී ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ දැරිය නිවසේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව දෙමාපියන් සිදුකළ සොයාබැලීමේදී ඇය ඇළේ වැටී සිටින බවට දැක ඇති අතර දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

WhatsApp Group

Skip to content