අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇ⁣ළේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගගල්දුව උපකඳවුරේ කණ්ඩායමක් විසින් එය සොයාගෙන ඇත.

මෙම යතුරුපැදිය ඊයේ (01) දහවල් අහුන්ගල්ල නගරයේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය දැයි සෙවීමට මේ වන විට පොලිස් විමර්ශනය සිදු කෙරෙමින් පවතියි.

WhatsApp Group

Skip to content