හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයින් දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී බේරාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අනතුරට පත් දෙදෙනාගේ දිවි බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් ඇති බවයි

එලෙස අනතුරට පත්ව ඇත්තේ 20 හැවිරිදි සහ 30 හැවිරිදි අමෙරිකානු සහ ස්විස්ටර්ලන්ත ජාතිකයෙකු වනවා.

WhatsApp Group

Skip to content