දිය වැලකට හසුවු පුද්ගලයින් සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ පානදුර මුහුදු තීරයේ දියනාමින් සිටියදීයි ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

දියවැලට හසුව දියඹට ඇදී ගිය පුද්ගලයින් අතර කාන්තාවක් සහ කුඩා දැරියක් ද සිටි බවයි පොලිසිය සදහන් කළේ.

මොවුන් දියගම , ගල්පාත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

WhatsApp Group

Skip to content