ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අහිමි වී තිබෙනවා.

පාදයේ මතු වූ ආබාධයක් හේතුවෙන් දිමුත් අද තරගයට ක්‍රිඩා නොකරන බවයි වාර්තා වන්නේ.

දිමුත් වෙනුවට ධනංජය සිල්වා නෙදර්ලන්තය සමග අද පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් .

හරාරේහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් මධ්‍යහන 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content