දින 25ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන තරුණියන් දෙදෙනෙක් මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාතර මූලස්ථාන පොලිසිය කියා සිටියේ වයස අවුරුදු 18ක් සහ 19ක් වන මෙම තරුණියන් දෙදෙනා අද(25) උදෑසන පොලිස් භාරයට ගත් බවයි.

අදාළ තරුණියන් දෙදෙනා කුරුණෑගල නගරයේ කොරියානු භාෂා පන්තියකට සහභාගි වන බව පවසා සිය මිතුරිය සමගින් අතුරුදන්ව සිට තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් ගලගෙදර සහ මාවතගම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර තිබුණා.

ලද පැමිණිල්ල අනුව තරුණියන් දෙදෙනා සොයා විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කෙරුණා.

මේ අතර මෙම සිද්ධිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගින් මාතර මූලස්ථානයට අදාළ තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක සිටින බවට තොරතුරක් ලැබී තිබෙනවා.

එලෙස ලද තොරතුර ඔස්සේ සිදු කරන ලද විමර්ශනයේදී තරුණියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

WhatsApp Group

Skip to content