ඉන්දියාවේ උමගක දින 17ක් සිරවී සිටි කම්කරුවන් 41 දෙනා බේරාගැනීමට ඉන්දීය ගලවාගැනීම් කණ්ඩායම් සමත්වී තිබෙනවා.

ඔවුන් එම උමගේ පැය 400ක් සිරවී සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම මුදා ගැනීමේ කටයුතු ආරම්භයේදී යන්ත්‍ර සුත්‍ර  යොදා ගනිමින් සිදු කළද, අවසානයේ මෙම කම්කරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා මිනිස් ශ්‍රමය යොදා ගැනීමටයි ඉන්දීය බලධාරීන් තීරණය කළේ.

උත්තරකාන්ද් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක,  උමගක් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටි මෙම කම්කරුවන් 41 දෙනා පසුගිය නොවැම්බර් 12 වැනිදා එම උමං මාර්ගය කඩා වැටීමෙන් මෙම අනතුරට මුහුණ දෙනු ලැබුවා.

WhatsApp Group

Skip to content