ඇල්පිටිය ඇබිත්තන්ගොඩ ඇළේ දියනෑමට ගිය ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් තිබේ.

මෙම දැරිය ඇගේ මව සහ සහෝදරිය සමග ඊයේ (03) සවස් කාලයේ ඇබිත්තන්ගොඩ ඇළේ දිය නෑමට ගිය අවස්ථාවේ තිදෙනාම දියේ ගිලි ඇති අතර පසුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

දැරියගේ මව සහ සහෝදරිය මේ වන විට ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබිමින් සිටී.

WhatsApp Group

Skip to content