ශ්‍රී ලංකාව තව වසර දෙකක් යන විට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමට හෝ ප්‍රශ්න පත්‍රයක් සෑදීමටවත් මහාචාර්යවරයෙකු නොමැති රටක් වන බවත් , දරුවන්ගේ අනාගතය ගැන දෙමාපියන්  බියට පත්ව ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ  පසුගිය 19 වෙනිදා මාතර නූපේ සණස රංග ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිසා සමුළුවට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ  මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා.

“රටේ නිදහස් සෞඛ්‍යය නිසා විශිෂ්ට ගණයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන ගිය, ලෝකයේම ගත්තම ඉතාම අඩු මුදලකින් වැඩිම හොඳ සෞඛ්‍ය සේවයක් තිබූ රටක් බවට අපි පත්වෙලා තිබුණා. දැන් ඒ තත්ත්වය දවසින් දවස බිඳ වැටෙමින් තිබෙනවා. දරුවන්ගේ අනාගතය ගැන අද දෙමාපියෝ බියට පත්වෙලා තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන භයානක ප්‍රවණතාවක් දැන් ඇතිවෙලා තියෙනවා. දැන් ආණ්ඩුව හිතනවා රට යන එකට නීති දාලා රට යන එකට බාධා කරලා පුළුවන්ද කියලා මේක පාලනය කරන්න.

ඒක නෙමෙයි මේකේ මොකක්ද විසඳුම? ජනතාවට බලාපොරොත්තුවක් දීමෙන් විතරයි. විශේෂඥ වෛද්‍යවරයාට, විශ්ව විද්‍යාල මහාචාර්යතුමාට, වරලත් ඉංජිනේරුවට, වෘත්තීයවේදියාට, ගුරුවරයාට, මුල් ගුරුවරයාට ඇතුළු මේ සමාජයට නායකත්වය දෙන සියලු දෙනාටම, බලාපොරොත්තුවක් ලබා දීමෙන් පමණයි. මේ රට මේ අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ.”

 

WhatsApp Group

Skip to content