දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබද සංවාදයට ලක් ව ඇති බව සදහන්.

උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ නාමයෝජනා අවලංගු කර ඡන්ද විමසීම යලි කැදවූ පසු නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බවයි.

WhatsApp Group

Skip to content