සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් හා සම්භන්ධීකරණයෙන් මෙරටට ගෙන එන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දීම ඊයේ (21) වත්තල Colombo Logistics ආයතනයේ දී  සිදුවිය.

මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මෙරට රජයේ රෝහල් 34 ක් සදහා ලබා දීමට සැලසුම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 4731 කි. එක් ඇදක වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධිකය.

ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ ඉල්ලීමකට අනූව කැනඩාවේ පදිංචි ප්‍රැට්ට්‍රික් නිල්කමල් ප්‍රනාන්දු මහතා ඇතුලු පවුලේ අය විසින් මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් ඇදන් ලංකාවට පරිත්‍යාග කර තිබේ .

මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මීගමුව, රාගම ශික්ෂණ රෝහල හා එහි විශේෂ ඒකක , වැලිසර, කොළඹ, ගුවන් හමුදා, හලාවත, පුත්තලම, සීදූව, ගම්පහ, රාගම පුණරුත්ථාපන, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුනෑගල, කනතලේ, නිකවැරටිය, පොල්පිතිගම, ගල්ගමුව, කුලියාපිටිය, මාවතගම, අලව්ව, හිරිපිටිය, මාරවිල, සෞඛ්‍ය අමාත්‍යංශය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, වලස්මුල්ල, යන රෝහල් වලට හා ඒකක වලට ලබා දෙනු ඇති.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ පැරසිටමෝල් පෙත්තේ සිට ඉතා සංකීර්ණ සැත්කමක් දක්වා හැදුනුම්පතවත් නොබලා සුව සත්කාර සේවාව ලබා දෙන ලෝකයේ රටවල් අතලොස්ස අතුරින් ග්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන අතර නිදහසින් පසු බලයට පත් සෑම රජයක්ම මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට කටයුතු කළ බවයි.

WhatsApp Group

Skip to content